පියා, පුතා, කෝච්චිය සහ රස්සාව

දිනක් දෙදිනක් නොවේ හැම දින උඹේ රුව නෙත ගැටෙනවා
වරක් දෙවරක් නොවේ දිනකට සියක් වර මුන ගැහෙනවා
දෙකන් රිදවන තරම් හයියෙන් උඹත් නිතරම අඬනවා
මගේ කදුලුයි උඹේ කදුලුයි යකඩ මත මුන ගැහෙනවා
උඹට පෑගුණු මගේ පොඩි පුතු උඹ නිතර සිහි කරනවා
ඔහේ දුවනා අපේ ජීවිත එක වගේ මයි හිතෙනවා

Share:
Location: Nugegoda, Sri Lanka

0 comments:

Post a Comment