මම ආසම තනිකම


හුදකලා අහස යට
වැහි අඳුර ගලන ගලන සද
තෙත් පවන් සුවඳ මැද
තනිවෙමි මගේ ලොව තුල

ලොව සිහින දකින සද
සඳ බැලුම් හෙලන රැය
නිල් අඳුර තුල දිලෙන
තරු මිතුරියන් සමග
මිහිරි තනුවක රසය
බෙදාගත හැකිය මට

හුදකලා වෙරළකට
හාදු දෙන රළ පෙලට
හද සුසුම් මුදාහැර
හුදකලා ලෝකයක
තනිවෙන්න හිතයි මට

Share:
Location: Nugegoda, Sri Lanka

0 comments:

Post a Comment