පියා හැරදා ගිය දිනේ සිට ජීවත් වීමට නොයෙක් ගැහැට විදී, ලෙඩින් ඉන්න අමමත් එක්ක ඉන්න ගෙදර හදන්න වැස්ස දාට වැලි ගොඩ දාන කෙල්ලෙක්ගෙ කතාවක්
කුරුලු කූඩුවෙ දොර කඩාගෙන
පියා ඉගිලී ඇත දුරක්
සිනිදු අතගෙන පෝරුවේ නැග
යන්න කෙනෙකුත් නැති උනත්
හිසේ පැටවුන ජීවිතේ බර
බිම තැබිය නොහැකිය මටත්
ගිලන් මවකගෙ සිහින් කෙදිරිය
රැයේ නැලවිලි ගීය ගැයුවත්
හිරු මඩල හිනහෙනා දිනකදි
දුක් ගගේ කිමිදෙන්න වූවත්
රුදුරු වැහි දිය ගලන දිනකදි
ගොඩට ගෙනෙනා වැලි ටිකෙන්
කුරුලු කූඩුව නිම කරන්නට
සිහිනයක් දකිනෙමි අදත්
0 comments:
Post a Comment