ගමෙන් නගෙරෙට ආ කිරිල්ලී
තටු විදා පියඹූ කිරිල්ලී
සිහින ලෝකෙක උන් කිරිල්ලී
කුරුල්ලෙකු සෙව්වා ඉගිල්ලී
රෑ පුරා දෙඩුවා කිරිල්ලී
තටු පවා පිදුවා කිරිල්ලී
කුරුල්ලා වෙනුවෙන් ඉගිල්ලී
ජීවිතේ දන්දුන් කිරිල්ලී
සිදුණු අත්තටු ඇති කිරිල්ලී
කොහේ යන්නද දැන් ඉගිල්ලී
කුරුල්ලා ගොස් ඇත ඉගිල්ලී
දමා තනිකර පෙම් කිරිල්ලී
පෙම් කිරිල්ලී
Location:
Nugegoda, Sri Lanka
0 comments:
Post a Comment