මේක කලින් ෆේස්බුක් එකේ ලියපු එකක්.
අපේ සමාජය ගෑනුන්ව සලකන්නේ යමෙකුගෙන් යැපෙන, පිරිමියා තරම් ශක්තිමත් නැති, පිරිමියාට ගරු කල යුතු පිරිසක් විදිහට.
මෙන්න මේ ගෑනු, පිරිමින්ට වඩා පහත් ජීවීන් විශේෂයක්ය කියන අයිඩියා එක මේන්ටේන් කරන්නෙම ගෑනු. මේක සංස්කෘතිකව එන දෙයක් වෙන්න පුලුවන්. කොහොම උනත් , ගෑනියක් ඉන්නෙ පිරිමියෙක් වෙනුවෙන් ජීවත් වෙන්න කියන එක මේ සමාජෙ ගෑනු විශ්වාස කරනව, ගොඩක් වෙලාවට පිරිමිත්. මේකෙ බේසික් අයිඩියා එක තමා ගෑනු මේ ලෝකෙට එන්නෙ සවයිව් වෙන්න කියන එක. ලෝකෙට සාධනීය දෙයක් කරන්න නෙවෙයි කියන එක.ගෑනු මේකෙදි තමන්ව ගොඩදාගන්න පාවිච්චි කරන වචනෙ තමා අම්ම. ඇත්තට ගෑනු මේ ලෝකෙට එන්න අම්ම කෙනෙක් වෙන්නද? සරලව කිව්වොත් වර්ගයා බෝ කරන්නද ?
එහෙම ගත්තොත් පිරිමිත් මේ ලෝකෙට එන්නෙ වර්ගයා බෝ කරල මැරිල යන්න වෙන්න ඕනෙ. ගෑනියක් ජීවත් වෙන්නෙ තවත් කෙනෙක් වෙනුවෙන්ය කියන අයිඩියා එක හරිම පටුයි. මෙතනදී තමයි ගෑනුන් පහත් කියන අයිඩියා එක හැදෙන්නෙ. ගෑනු , පිරිමි මත ඩිපෙන්ඩ් වෙනව කියන එක හැදෙන්නෙ. ජීවිතේ එක කොටසක් වෙන ආදරේ , විවාහය වගේ දේවල් ගෑනු තමන්ගෙ ජීවිතේම කරගන්නෙ මෙතනදි. ගෑනු ජීවිත් වෙන්න ඕනෙ ආදරේ කරන්නයි බඳින්නයි ළමයි හදන්නයි කියන ගොත්‍රික අයිඩියා එක තමා ගෑනුන්ව පටු තැනක හිර කරන්නෙ. දැන් කාලෙ ඉන්න ගොඩක් තරුණ කෙල්ලොන්ට තියන එකම වැලිවු එක ලස්සන (කොල්ලෙක් ලබා ගැනීමේ හැකියාව) විතරයි. ඒ නිසා ඒ අයගෙ ජීවිතේ වෙන්නෙ ඒක.
0 comments:
Post a Comment